Tuesday, December 3, 2013

වින්ඩෝස් රයිට් ක්ලික් මෙනු එකට කැමති ඇප්ලිකෙශන් දාමු


කාලෙකට පස්සෙ බ්ලොග් එක පත්තෙ එන්න බැරිවුනා ගොඩක් අය මැසේජ් කරල තිබ්බ බ්ලොග් එක අමතක වෙලාද කියලා නෑ අමතක වෙලා නෑ මෙ දවස් වල පාස්ල් වැඩකටයුතු නිසා පොඩ්ඩක් කාර්යබහුලවෙල හිටියෙ දැන් හරි.

ම් අද මම කියල දෙන්න යන්නෙ තවත් රෙජිස්ට්‍රි ට්‍රික් එකක් මම කලින් කියල දුන්න මතක ඇති ප්‍රොසෙසර් එකේ වෙගය වෙනස් කරන්න සහ පරිගනකයේ ලියාපදින්චි අයිතිකරු වෙනස්කරන්න. අද මම කියල දෙන්න යන්නෙ වින්ඩොව්ස් රයිට් ක්ලික් මෙනු එක වෙනස් කරන්න.අපිට ඔනෙනන්ම් කමති සොෆ්ට්වෙයර් එකක ශෝට් කට් දාන්න පුලුවන් .මේක හරිම ප්‍රයොජන්වත් වෙනව අපිට. දැන් අපි කොහ්මද කරන්නෙ කියල බලමු

1. ඉස්සෙල්ලාම Run එකට ගිහිල්ලා regedit.exe ටයිප් කරන්න වින්ඩොස් 7 එකෙනම් සර්ච් එකේම regedit.exe කියල ටයිප් කරල එන්ටර් කරන්න


2.ඊට පස්සෙ මේ විදියට යන්න  HKEY_CLASSES_ROOT\Directory\Background\shell


          3.ඊට පස්සෙ ඔය කියන එක රයිට් ක්ලික් කරල එතන්දි New>>Key යන්න.
      4.අලුතෙන් හැදෙන key එකට තමන් දාන්න යන ඇප්ලිකෙශන් එකේ නම දෙන්න.මම නෝට්පෑඩ් දාන          නිස ඔන්න මම දැම්ම
  5. දැන් ඒ හදපු key එකට key එකක් හදල 
6.ඒක command නමින් රීනේම් කරන්න
7. දැන් දාන්න හදන ප්‍රොග්‍රැම් එක තියෙන තැනට ගිහිල්ල ප්‍රොග්‍රැම් එකේ path එක ගන්න.ඔයාට ලේසියෙන්ම පාත් එක ගන්න පුලුවන් shift + right clickවලින් එවිට copy as path ක්ලික් කරන්න
8.දැන් වල තියෙන ඩබල් ක්ලික් කරන්න ඊට පස්සෙ අපි කලින් කොපි කරගත්ත පාත් එක දාන්න. ඊට පස්සෙ ඔකේ කරන්න.

9.හරි දැන් ඉතින් ඉවරයි.දැන් ඔතනින් අයින් වෙලා රයිට් ක්ලික් මෙනු එක බලන්න රන් වෙනවද කියලත් බලන්න


ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කොමෙන්ට් එකක් දාන්න මම යනවා .~ ඔබට ජය ~