Friday, May 10, 2013

ඔබත් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද? කැමතිද හොයාගන්න මෙතනට එන්න

කාලෙකින් පෝස්ට් එකක් දාන්න හිතුනා අද බලන්න යන්නේ ඔයා අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද කියලා මේ රෝගයට කියන්නේ IAD(Internet Addiction Disorder) ඉන්ටර්නෙට් අඩික්ශන් ඩිසෝඩර් කියලා ලෝකේ පරිගනක භාවිතා කරන ගොඩක් අය මේකෙන් පෙලෙනවා ඔයාලත් එහෙමද කිය්ල බ්ලන්න පොඩි පරීක්ශනයක් තියෙනව  එකට කියන්නේ IAT (Internet Addiction test)ඉන්ටර්නෙට් අඩිශ්ශන් ටෙස්ට් කියලා ඔන්න මම ටෙස්ට් එක පහල දානවා

  1. සාමාන්‍ය සමාජය පිළි ගන්නා කාලයට වඩා කාලයක් ඔබ අන්තර්ජාලයට සම්බන්ද්වී සිටිනවාද
  2. අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට කුමන් වැදගත් වැඩක් යෙදුනත් අන්තර්ජාලයෙන් ඉවත් වීමට ඉඩ දෙන්නේ නැද්ද
  3. තව තවත් අන්තර්ජාලයට සම්බන්ද වී සිටීමට පුලුවන් වාතවරනය්ක් ඇතිවීමට ප්‍රාර්තනා කරනවාද එවැනි අවස්තාවක් එලැඹුනොත් විශාල චිත්ත ප්‍රීතියක් ඇතිවෙනවාද?
  4. අන්තර්ජාලයෙන් ඉවත්වෙන්නට උත්සහ කරන විට විශාල චිත්ත පීඩාවක් හෝ වෙනත් අමාරුවක් දැනෙනවාද
  5. තමන්ගේ එදිනෙදා වැඩ ගැන සිතීම අතපසුවෙන නමුත් අන්තර්ජාලයේ කරන වැඩ ගැන අදහස් නිතරම සිතේ හොල්මන් කරනවාද ? 
  6. අන්තර්ජාලයේ එල්බගෙන් සිටීම නිසා ඔබගේ සම්මජ සම්බන්දතා අධ්‍යාපන කටයුතු,රැකියාව හෝ වැදගත් අවස්තා නැතිවී ගොස් තිබේද ?නැතහොත් එවැනි අවධානමක් මතු වී තිබේද?
  7. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින කාලය මෙපමණය කියා ඔබ කාටහෝ කියන්න මැලිවෙනවාද?
  8. තමන්ට තියෙන අසරනකම,ලැජ්ජාසහිත්බව හා සමාජ භීතිය හෝ වෙනත් ප්‍රශ්න අමතක කර අන්තර්ජාලයට සම්බන්ද වී කාලය ගෙවනවාද?

මේ ප්‍රශ්න වලට අවංකව සිතා බලා උත්තර දෙන්න .උත්තරය ඔව් හො නැත යි.ඔබ ප්‍රශන් 5 කට වඩා ඔව් යනුවෙන් උත්තර ලබා දුන්නොත් ඔබ අන්තර්ජාලයට ඇබ්බැහි වූ අයෙකි.

ස්තූතියි
 ඔබට ජය!