Friday, December 21, 2012

ලෝක විනාශයෙන් ගැලවීමට පිටසක්වල යානයක්.

අද, 2012 වසරේ දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට විශ්වාස කරන ලොව පුරා ජනතාව ඒ සඳහා විවිධාකාරයෙන් සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කළා. සැබැවින්ම මෙම ලෝක විනාශය යනු ඵෙතිහාසික මායා ශිෂ්ඨාචාරයේ දීර්ඝ දින දර්ශනයේ නිමාවයි. එය වසර 5000 කින් අවසන් වන ලෙස සකස් කරනු ලැබූවක්. කෙසේ නමුත්, විද්‍යාත්මක සාධක අනුව තහවුරු කර ඇත්තේ අද (21) එවැනි ලෝක විනාශයක් සිදුනොවන බවයි. 

මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් පවතින මෙක්සිකෝව ඇතුළු ලතින් ඇමරිකානු රටවලට ලෝක විනාශය අදහන්නන් රැසක් දැනටමක් රොක් වී සිටිනවා. ඒ, මායාවරුන්ගේම නව දින දර්ශනය හමුවීමෙන් පසු අද දින එලෙස ලෝක විනාශයක් සිද්ධ නොවන බව තහවුරු වී තිබියදීයි. මායාවරුන්ගේ නව දින දර්ශනයේ උදාව අද (21) සිදුවන බව ඇතමුන්ගේ අදහසයි. මායාවරුන්ගේ නටඹුන් පවතින මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා ආසන්නයේ පිහිටි මෙරීඩා නුවරට ලෝක විනාශය අදහන්නන් සිය දහස් ගණනක් රැස්ව සිටින බව සඳහන්. එමෙන්ම, ලෝක විනාශයෙන් ගැලවීමට හැකි යැයි විශ්වාස කරන ශුද්ධ ප‍්‍රදේශවලට රැස්වන ජනතාවද දැකගත හැකියි. තුර්කියේ සිරින්සේ නගරය එවැනි එක් ස්ථානයක්.   

මේ අතර, මායාවරුන්ගේ ලෝක විනාශය විශ්වාස කරන ප‍්‍රංශයේ පිරනීස් කඳුකර ගම්මානයක වැසියන් ඊට පෙර මෙලොවින් නික්මීම සඳහා පිටසක්වල යානයක් යොදා ගැනීමට සැරසෙනවා. මෙම ගම්මානය ආසන්නයේ පිහිටි භුගරෙෂ් කඳුකරයේ පිටසක්වල ජීවීන් වාසය කරන බවත්, ඔවුන් ලෝක විනාශයට පෙර නික්ම යනු ඇති බවත් ගම්වාසීන්ගේ අදහසයි. මේ නිසා පිටසක්වල වැසියෙකු පදවන අභ්‍යාවකාශ යානයක නැගී මෙලොවින් නික්මීමටයි ඔවුන් සූදානම් වන්නේ. ඒ සඳහා වෙනත් ප‍්‍රදේශවල ජනයා පැමිණෙතැයි බියෙන් ඔවුන් ගම්මානයට පැමිණෙන මාර්ග සියල්ල අවහිර කර ඇති බවත් වාර්තා වනවා. 

කෙසේ නමුත්, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මායාවරුන්ගේ මායාවක් වන ලෝක විනාශයට සූදානම් වන්නන්ට වඩා ඊට ලෝවාසීන් දක්වන ප‍්‍රතිචාර වාර්තා කිරීමට සූදානම්ව සිටින මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ බවයි.


උපුටා හැනීම http://hirunews.lk/sinhala/49869